
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකන් ගුවන් සේවය කඩිනම් ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකළහොත් සේවකයින් 6000 කට ආසන්න පිරිසකට රැකියා අහිමි විය හැකි බව වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ඊයේ (30) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුවන මූල්‍ය අලාභය රජයට දරාගත නොහැකි බවත් තවදුරටත් බදුගෙවන්නන්ගේ මුදල් මෙලෙස භාවිත කිරීම අසාධාරණ බවත් ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය.
මෙම අර්බුදය විසඳීම සඳහා, ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව පැවැත්වීමේ අරමුණින් අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමට රජය දැනටමත් උත්සාහයන් ආරම්භ කරමින් සිටින බවද ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
“ගුවන් සේවයට මූලික වශයෙන් අරමුදල් සපයනු ලබන්නේ කිසිදා ගුවන් ගමන් අත්දැකීමක් නොමැති සාමාන්‍ය පුරවැසියන්ගේ බදු මගින්. අපේම ජාතික ගුවන් සේවයක් තිබීම ගැන අපි ආඩම්බර වෙනවා. නමුත් එය නඩත්තු කිරීම වෙනුවෙන් වැයකරන පිරිවැය යුක්ති සහගතදැයි අප ප්‍රශ්න කළ යුතුයි” යැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart