
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චෝදනා මාලාවක් හේතුවෙන් එච්.එම්.වී.බී. විජිත හේරත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට නම් කිරීම අනුමත කිරීම පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුව විසින් කල් දමා තිබේ.
නිල වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම, රජයේ ලේඛන නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම සහ සිය පුරවැසි තත්ත්වය වැරදි ලෙස දැක්වීම ඇතුළු චෝදනා ඔහුට එල්ල වී ඇත.
සුපුරුදු පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය වෙනුවට, කමිටුව අදාළ විමර්ශන ආයතන වෙත මෙය යොමු කර ඇති බව වාර්තා වේ.
ඔහුට එරෙහිව පුරවැසිභාවය අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පැමිණිලි අගමැතිනි හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුත් උසස් තනතුරු කමිටුවට ලැබී තිබේ.
මේ සම්බන්ධයෙන් කමිටුව වැඩිදුර වාර්තාවක් ඉල්ලා ඇත.
කෙසේවෙතත් උසස් තනතුරු පිළිබඳ කමිටුවේ නිර්දේශ මගින් නව තානාපතිවරුන් පස් දෙනෙකු, මහ කොමසාරිස්වරයකු සහ අමාත්‍යාංශයේ ලේකම්වරයකු පත් කිරීම අනුමත කරන ලදී.
ඒ අනුව, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස සුමධුරිකා සශිකලා ප්‍රේමවර්ධන, බ්‍රසීලයේ තානාපති ලෙස චමින්ද ඉනෝකා කොලොන්නේ, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කියේ තානාපති ලෙස එල්.ආර්.එම්.එන්.පී.ජී.බී. කදුරුගමුව, නේපාලයේ තානාපති ලෙස රුවන්ති දෙල්පිටිය සහ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස මාරිමුත්තු කේ. පත්මනාදන් යන පිරිස උසස් තනතුරු පිළිබඳ කමිටුව විසින් නිර්දේශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart