
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ඩිජිටල් මාධ්‍ය අවකාශයේ කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ගේ එකතුවෙන් නිර්මාණය වුනණු ‘ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය’ ඊයේ(28) නිල වශයෙන් එළිදැක්විණි.
ඩිජිටල් මාධ්‍ය, ක්ෂේත්‍රයක් ලෙස ඉදිරියට යාමත් සමග මතුවී තිබෙන සහ මතුවෙමින් පවතින අභියෝග හා ගැටලු වලට එකමුතුවක් ලෙස මුහුණදීමේ අරමුණින් මෙම සංගමය පිහිටුවන ලද බව සංගමයේ උපදේශීකා මන්දනා ස්මයිල් ආරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රකාශ කළාය.
මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් සංගමයේ සභාපති මංජුල බස්නායක ප්‍රකාශ කර සිටියේ, ගෝලීය වශයෙන් පැමිණෙන ගැටළුවලදී එකතුවක් ලෙස මුහුණදීමට හැකියාව තිබෙන බවයි. එමෙන්ම සාවද්‍ය තොරතුරු පැතිර යාමත්, නියාමනයන් සම්බන්ධ ගැටලු හා ඩිජිටල් මාධ්‍ය ආචාරධර්ම පිළිබද ගැටලු වලට විසදුම් සෙවීමට මෙම සංගමය හරහා හැකිවන බවත් ඔහු සඳහන් කළේය.
මෙම උත්සවයේදී මතුවුණු වැදගත් අදහසක් ලෙස සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ, රජයට සිය සහයෝගය අවශ්‍ය බව මෙන්ම තමන්ටද රජයේ සහයෝගය අවශ්‍ය බවයි.
මෙම සංගමය පිහිටුවීමෙන් ඒ සදහා නිවැරදි හා ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් නියාමනයන් සම්බන්ධවද මැදිහත්වීමට අවස්ථාව ලැබෙන බව එහිදී ප්‍රකාශ විය.
මේ වන විටත් ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ඩිජිටල් මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ විය.
ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය
සභාපති – මංජුල බස්නායක
උප සභාපති – නිරෝෂ් මෛත්‍රී
ලේකම් – තුෂාරා සෙව්වන්දි
උප ලේකම් – අභිෂේකා ප්‍රනාන්දු
කැදවුම්කරු – මනෝජ් රත්නායක
භාණ්ඩාගාරික – සචිත්‍ර වික්‍රමනායක
කමිටු සාමාජිකයෝ –
– රත්නම් තායාපාරන්
– කේශාල් ජයසිංහ
– අසාම් අමීන්
– රන්හිරු සුභාවික්‍රම
– තරිදු උඩුවරගෙදර
– රාජගෝපාල් යෂිහරම්
– ධනංජය නාරන්බැද්ද
– උස්මාන් අකීල්
උපදේශක – මන්දනා ඉස්මයිල් අබේවික්‍රම
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart