
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර, හන්තාන ප්රදේශයේදී පාසල් සිසුන් ප්රවාහනය කරමින් සිටි බස් රථ රියදුරකුට පහරදීම සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විසින් කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 26 සහ 27 යන වයස්වල පසුවන අතර සැකකාරියගේ වයස අවුරුදු 38කි.
සැකකරුවන් සියලුම දෙනා මහනුවර පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
අනුරාධපුරයේ සිට හන්තාන කඳුවැටිය නැරඹීම සඳහා පාසල් සිසුන් සහ ගුරුවරුන් පිරිසක් ප්රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථය ත්රිරෝද රථයක ගැටී තිබේ.
අනතුරෙන් පසු පුද්ගලයන් පිරිසක් බස් රථ රියදුරුට පහර දී තිබේ.
තුවාල ලැබූ රියදුරු පසුව රෝහල් ගත කර ඇත.
බස් රථයේ සිටි ගුරුවරුන් සහ මව්පියන් රියදුරුට පහර නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියද, එම පිරිස දිගටම පහරදී ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව, පහරදීමට සම්බන්ධ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (26) මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සැකකාරිය ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
සෙසු සැකකරුවන් තිදෙනා හෙට (28) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart