July 23, 2025

වසර දෙද­හ­ස­කට වඩා පැරණි මිහි­න්ත­ලයේ අනුලා චෛත්‍යය රුපි­යල් මිලි­යන 300කට විකුණා දැමූ බවට චෝදනා කර­මින් හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ ඇතුළු පුද්ග­ල­යන් නවදෙන­කුට එරෙ­හිව මිහි­න්ත­ලයේ විහා­රා­ධි­පති වල­වා­හැං­ගු­ණ­වැවේ ධම්ම­ර­තන හිමියෝ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරනු ලැබූහ.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ඊයේ (22) පැමිණි මිහි­න්තලා රාජ­මහා විහා­රා­ධි­පති වල­වා­හැං­ගු­ණ­වැවේ ධම්ම­ර­තන හිමි­යන් මේ පැමි­ණිල්ල ගොනුකරනු ලැබීය.

බෝධා­ගම චන්දිම හිමි, හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ, හිටපු බුද්ධ­ශා­සන අමාත්‍ය විදුර වික්‍ර­ම­නා­යක, හිටපු පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය තුසිත මෙන්ඩිස්, හිටපු පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් නිශාන්ති ජය­සිංහ, සැල­සුම් අධ්‍යක්ෂ අනුර බණ්ඩාර ඇතුළු පුද්ග­ල­යන් නව දෙනෙක් මෙම වංචා­වට සම්බන්ධ වූ බවට මිහි­න්ත­ලය විහා­රා­ධි­පති හිමියෝ චෝදනා කරති. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිල්ල ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් මිහි­න්තලේ විහා­රා­ධි­පති හිමියෝ මෙසේ සඳ­හන් කළහ.

“ඉතාම වංච­නික ආකා­ර­යට වසර දෙද­හ­ස­කට වඩා පැරණි අනුලා චෛත්‍යය විකු­ණලා තියෙ­නවා. මල්වතු මහා නායක හිමි­යන්ට ද වංචා කළා. උන්ව­හ­න්සේලා මේ ගැන දන්නේ නෑ. රුපි­යල් මිලි­යන 300ට විකු­ණලා තියෙන්නේ. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මේ සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක වෙයි කියලා විශ්වාස කර­නවා.

මල්වතු පාර්ශ්වයේ මහ­නා­යක නාහි­මි­යන් වහ­න්සේගේ අනු­ශා­සනා හා මඟ­පෙ­න්වීම අනුව පසු­ගිය වස­ර­වල මිහි­න්තලා පුද­බිමේ ප්‍රති­සං­ස්ක­රණ හා සංර­ක්ෂණ පින්කම් රාශි­යක් සිදුකරනු ලැබුවා.”

“ඒ අතර ඓති­හා­සික මිහි­න්තලා රජ­මහා විහා­ර­ස්ථා­න­යට අයත් පුරා­විද්‍යා ස්මාර­ක­යක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම භික්‍ෂු­ණීන් වහ­න්සේලා වන අනුලා මහ­ර­හත් තෙර­ණිය ඇතුළු මහ­ර­හත් තෙර­ණීන් වහ­න්සේලා පන්සිය නමක් වැඩ සිටි භූමිය වන අනුලා මහ­ර­හත් තෙර­ණි­යගේ ස්තූපය සහිත ඓති­හා­සික පුරා­විද්‍යා භූමියේ සංර­ක්ෂණ කට­යුතු ආරම්භ කිරීම සුවි­ශේෂී පින්ක­මක් ලෙස හැඳි­න්විය හැකියි. අනුලා ස්තූපය සහිත භූමිය පුරා­විද්‍යා භූමි­යක් වුව ද වසර දෙද­හස් ගණ­න­කට පසුව එම භූමිය පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය වූයේ මාගේ උත්සා­හය මතයි.

එව­කට බුද්ධ­ශා­සන අමා­ත්‍ය­ව­රයා ලෙස කට­යුතු කළ මහින්ද රාජ­පක්ෂ හට මා විසින් අනුලා ස්තූපය භූමිය පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය කිරී­මෙන් පසුව මෙවැනි ඉතා වැද­ගත් ඓති­හා­සික භූමි­යක් පව­තින බව ජන­ගත වුණා. පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් ලෙස කට­යුතු කළ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය අනුර මන­තුංග මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ මෙහි මූලික කට­යුතු සැල­සුම් කෙරුණා.

ආර­ම්භක අව­ස්ථා­වේදී නීත්‍ය­නු­කූල අයු­රින් මෙම සංර­ක්ෂණ කට­යුතු ආරම්භ කළ ද පසු­කා­ලී­නව එම ක්‍රියා­වෙන් බැහැ­රව ක්‍රියාකරන අයුරු දකි­න්නට පුළු­වන් වුණා. විහා­රා­ධි­ප­ති­ත්වය සහ භාර­කා­රී­ත්වය මා යටතේ පව­තින අනුලා ස්තූපය සහිත භූමි­යෙහි සංර­ක්ෂණ කට­යුතු මුවා­වෙන් සිදු­කර ඇති සියලු වංචා දූෂ­ණ­යන් හා මූල්‍ය අක්‍ර­මි­කතා හා අයථා මූල්‍ය ගනු­දෙනු පිළි­බඳ පූර්ණ විම­ර්ශ­න­යක් සිදු­කර ඒ හා සම්බ­න්ධව පව­තින සත්‍ය තොර­තුරු ජන­තා­වගේ දැන­ගැ­නීම පිණිස හෙළිකළ යුතුයි.

වංචා දූෂණ හා අක්‍ර­මි­කතා මින් ඉදි­රි­යට සිදු කිරී­මට නොහැකි වන පසු­බි­මක් නිර්මා­ණය කිරී­මත් රජයේ වග­කී­මක්. අනුලා ස්තූපය සහිත භූමිය ආශ්‍රි­තව සිදු වන සියලු සංව­ර්ධන හා ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු මහ­නා­හි­මි­යන්ගේ අනු­දැ­නුම ඇතිව විහා­ර­ස්ථා­නය හරහා පම­ණක් සිදු කිරී­ම­ටත් හැකි වන අයු­රින් කට­යුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටි­නවා.“(දිනමිණ)