July 22, 2025

ශ්‍රී ලංකාවේ රෝගී අලි ඇතුන් සහ අනෙකුත් සතුන්ට ප්‍රතිකාර කිරීමට සුදුසුකම් ලත් පශු වෛද්‍ය විශේෂඥයන් 12 දෙනකු පමණක් සිටින බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

මෙම විශේෂඥයන්ගෙන් සමහරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කරන ලද ප්‍රකාශ හේතුවෙන් අධෛර්යමත් වී ඇති බව ඔහු සඳහන් කළේය.

“අලි මරණ සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. මෑතකදී වෙඩි වැදීමෙන් මියගිය භාතිය ඇතා පිළිබඳ අසත්‍ය තොරතුරු පවා එක් මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළා” අමාත්‍යවරයා පැවැසීය.