
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ රජයට සිදු වූ බව කියන රුපියල් මිලියන 883ක මූල්‍ය අලාභයක් සම්බන්ධයෙන් ඔහුව දූෂණ චෝදනාවලින් නිදහස් කරනු ලැබූ කොළඹ මහාධිකරණයේ තීන්දුවක් අභියාචනාධිකරණය විසින් අවලංගු කර තිබේ.
ශිරාන් ගුණරත්න සහ අමල් රණරාජා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කරන ලද සංශෝධන අයදුම්පතක් සළකා බැලීමෙන් පසුවය.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි උල්ලංඝනය කරමින් පෞද්ගලික සමාගමකින් උපකරණ මිලදී ගැනීමෙන් 2007 ජුනි 27 සිට 2008 මැයි 29 දක්වා කාලය තුළ මූල්‍යමය අලාභයක් සිදු කළ බවට ගුණවර්ධනට චෝදනා එල්ල විය.
මුල් මහාධිකරණ නඩු විභාගයේදී, අධිචෝදනා පත්‍රය දෝෂ සහිත බව පවසමින් ගුණවර්ධනගේ නීතිඥයන් මූලික විරෝධතා මතු කර තිබිණි.
ඒ අනුව මහාධිකරණය විසින් විරෝධතාව පිළිගෙන ඔහු නිදහස් කිරීමට නියෝග කළේය.
කෙසේවෙතත්, අභියාචනාධිකරණය මහාධිකරණ තීන්දුව නීත්‍යනුකූලව වලංගු නොවන බව නිගමනය කර තිබේ.
ඒ අනුව එම නඩුව නැවත විභාග කරන ලෙස කොළඹ මහාධිකරණයට නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart