July 20, 2025

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි තාක්ෂණික සමාගමක් වන Astronomer හි ප්‍රධාන විධායක ඇන්ඩි බයිරන්, පසුගියදා පැවති Coldplay ප්‍රසංගයකදී එම සමාගමේම සේවිකාවක වැළඳගෙන සිටිනු ප්‍රසිද්ධියේ දැකගත හැකිවීමෙන් පසු සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව Astronomer සමාගමේ LinkedIn සටහනක දක්වා තිබේ.

LinkedIn සටහනට අනුව, Astronomer හි අධ්‍යක්ෂ මණ්ඩලය බයිරන්ගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති අතර නව ප්‍රධාන විධායක නිලධාරියකු පත්කිරීමට කටයුතු කරනු ඇත.

මැසචුසෙට්ස් හි ෆොක්ස්බරෝ හි ගිලට් ක්‍රීඩාංගණයේ පවතී ප්‍රසංගයකදී “කිස් කැම්” තිරය මත සමාගමේ ප්‍රධාන මහජන නිලධාරිනිය වන ක්‍රිස්ටින් කැබට් සමඟ බයිරන් දෙදෙනා දර්ශනය වූ අතර එහිදී ඔවුන් ඉන් සැඟවීමට උත්සාහ කරනු දක්නට ලැබිණි.

“කලින් සඳහන් කළ පරිදි, Astronomer සමාගම ආරම්භයේ සිට අපට මඟ පෙන්වූ වටිනාකම් සහ සංස්කෘතියට කැපවී සිටී. අපගේ නායකයන් හැසිරීම සහ වගවීම යන දෙකෙහිම ප්‍රමිතිය සකසනු ඇතැයි අපේක්ෂා කරන අතර මෑතකදී එම ප්‍රමිතිය සපුරා නොතිබිණි,” යනුවෙන් සමාගම සෙනසුරාදා තැබූ සටහනේ දක්වා තිබේ.

2018 දී ආරම්භ කරන ලද මෙම දත්ත මෙහෙයුම් සමාගම, මෙහෙවර දත්ත සහ කෘත්‍රිම බුද්ධි ගැටළු විසඳීම කෙරෙහි අවධානය යොමු කරන සමාගමකි.

අදාළ සිද්ධියත් සමග සිය සමාගම පිළිබඳ දැනුවත්භාවය එක රැයකින් වෙනස් වී ඇති බව ඔවුන් පිළිගෙන තිබේ.