
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ මැසචුසෙට් හි පැවැති Coldplay සංගීත ප්‍රසංගයක තිබූ පුළුල් තිරයක කාන්තාවක් වැළඳගෙන සිටින ආකාරයේ වීඩියෝවක් පළවීමත් සමග අමෙරිකාවේ ප්‍රකට තාක්ෂණික සමාගමක් වන Astronomer එහි ප්‍රධාන විධායක නිලධාරි ඇන්ඩි බයිරන් අනිවාර්ය නිවාඩු යවා තිබේ.
ඔහු එලෙස වැළඳගෙන සිටියේ එම සමාගමේ මානව සම්පත් ප්‍රධානී ක්‍රිස්ටින් කැබොට් නමැත්තිය බව වාර්තා වේ.
මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වීමත් සමග සමාගම නිවේදනය කළේ, එහි සම-නිර්මාතෘ සහ ප්‍රධාන නිෂ්පාදන නිලධාරි Pete DeJoy අන්තර්කාලීන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කර ඇති බවයි.
ප්‍රසංගයේ දිස්වුණු විශාල පුළුල් තිරයේ දර්ශනය වන්නේ ප්‍රධාන විධායක නිලධාරියා කාන්තාවගේ බඳ වටා දෑත් පටළවා ඇයව වැළඳගෙන සිටින ආකාරයයි.
ප්‍රසංගයේ සිටින දහස් ගණනක් පුළුල් තිරය ඔස්සේ තමන්ව දුටු බව වටහා ගත් ඔවුන් වහා කැමරාවෙන් වසන්වීමට උත්සහ කළ ද, ඔවුන්ගේ එම හැසිරීමද අඛණ්ඩව පුළුල් තිරය ඔස්සේ විකාශය විය.
සමාගම අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර, ප්‍රධාන විධායක නිලධාරියා අනිවාර්යය නිවාඩු යැවූ බව පමණක් පවසා ඇත.
සිදුවීමට සම්බන්ධ ඇන්ඩි බයිරන් මෙන්ම ක්‍රිස්ටින් කැබොට්ද මෙතෙක් තිරයේ දිස්වූ සිදුවීම සහ ඒ සඳහා සිය අනන්‍යතාව සම්බන්ධයෙන් අදහස් පළකර නොමැත.
එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස අදාළ වීඩියෝව සංසරණය වන්නේ, ඔවුන් දෙදෙනා අතර අනියම් සම්බන්ධයක් පවතින බවට පළවන කටකතා සමග බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart