
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම‘ අරගලයට 2022 වසරේදී පහරදීමේ සිද්ධියෙන් පසුව රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී ගිනිගැනීමට සහ විනාශයට පත් නිවාස සහ දේපළවලට වන්දි වශයෙන් පසුගිය රජය විසින් මැති ඇමැතිවරු ඇතුළු පිරිසකට අනීතික ලෙස ගෙවා ඇති මහජන මුදල් නැවත අයකරගැනීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන නොවැම්බර් මස 13 දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) දින නියම කළේය.
මහින්ද සමයවර්ධන, සෝභිත රාජකරුණා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කෙරිණ.
එලෙස මැති ඇමැතිවරු ඇතුළු පිරිසට වන්දි ගෙවීමේ දී මහජන මුදල් අවභාවිතාවක් සිදුවී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක ඇමැතිවරයා, එම අමාත්‍යාංශ ලේකම්වරයා, වැඩ බලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම පරිසරවේදියකු වන නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ විසින් පෙත්සම ගොනුකර තිබේ.
හිටපු ආරක්ෂක ඇමැති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, නීතිපතිවරයා ඇතුළු 15 දෙනකු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවෝ ලෙස නම්කර ඇත.
2022 වසරේ මැයි මස 09 වැනිදා අරගල භූමියට පහරදීමෙන් අනතුරුව ඇතිවූ ක්‍රියා හේතුවෙන් නිවාස විනාශවූ හිටපු මැති ඇමැතිවරු ඇතුළු 43 දෙනකුට පසුගිය ආණ්ඩුව විසින් වන්දි වශයෙන් රුපියල් බිලියන 1.22ක මුදලක් ගෙවා තිබෙන බව ඉකුත් පෙබරවාරි මස 05 වැනිදා ඇමැති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ සඳහන් කළ බව පෙත්සමෙහි සඳහන් වේ.
එහිදී මහජන මුදල් දැඩි ලෙස අවභාවිත වී ඇති බවට පෙත්සම්කරු චෝදනා කර සිටියි.
ස්වාභාවික ආපදාවකදී පවා දේපළ විනාශ වීම වෙනුවෙන් එක් පුද්ගලයකුට ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5ක් බව පෙත්සම මඟින් පෙන්වාදී ඇත.
එසේ තිබියදී එම නීතිමය සීමාව ඉක්මවා යමින් මැති ඇමැතිවරු ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට ඉකුත් රජය විසින් කටයුතු කර ඇති බව එම ප්‍රකාශයෙන් අනාවරණෙවූ බව පෙත්සම මඟින් පෙන්වාදී ඇත.
නීත්‍යනුකූලව හිමිවිය යුතු මුදලට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් විවිධ දේශපාලන බලය අවභාවිත කරමින් එවකට සිටි මැති ඇමැතිවරුන් ලබාගෙන ඇති බව ද මහජන මුදල් අවභාවිත කර ඇති බව ද ඉතා පැහැදිලි බව පෙත්සම්කරු කියයි.
රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ වගකීම රජය වෙත පැවරී තිබෙන අතර, 2022 වසරේ මැයි මස 09 වැනිදා එම වගකීම ඉටුකිරීමට එවක ජනාධිපතිවරයා සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සහ එවකට සිටි මහජන ආරක්ෂක ඇමැතිවරු ඇතුළු ආරක්ෂක බලධාරීන් අසමත්වූ බව ද පෙත්සමෙහි සඳහන් වේ.
රටේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා මැඬපැවැත්වීමට බලධාරීන් අසමත් වීම හේතුවෙන් රට තුළ අරාජික තත්ත්වයක් ඇතිවූ බව පෙත්සමෙහි දැක්වෙයි.
වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් තමන්ගේ මෙන්ම මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.
අනීතික ලෙස වන්දි මුදල් ගෙවා තිබෙන මැති ඇමැතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අයකර ගැනීමට පියවර ගන්නා ලෙසත්, ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් තක්සේරු කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.
දේපළ හානිවූ මැති ඇමැතිවරුන්ට විනිවිදභාවයකින් යුත් නීත්‍යනුකූල ක්‍රමවේදයක් හරහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart