July 14, 2025

මහින්ද රාජ­පක්ෂ පාලන සමයේ මාතර දිස්ත්‍රි­ක්කයේ ක්‍රියා­ත්මක කිරී­මට යෝජි­තව තිබූ ‘දැයට කිරුළ’ වැඩ­ස­ට­හන ඇතුළු වැඩ­ස­ට­හන් කීප­යක් මඟින් ඉදි­කි­රීම් ආරම්භ කර වැඩ අව­සන් නොකර අත­හැර දමා ඇති ගොඩ­නැ­ඟිලි සංකීර්ණ පහක් වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 1818කට අධික මුද­ලක් වැයකර ඇතැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යකගේ ප්‍රධා­න­ත්ව­යෙන් මාත­රදී ඉකුත් 11 වැනිදා පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වී­මේදී අනා­ව­ර­ණය විය.

මෙම ගොඩ­නැ­ඟිලි අතර, ඇතැම් ඒවා නැවත භාවි­ත­යට ගත නොහැකි තත්ත්ව­ය­කට පත්ව ඇති අතර, ඉන් එක් ගොඩ­නැ­ඟි­ල්ලක් පුරා­විද්‍යා භූමි­යක නිධා­න­යක් ඇති ස්ථාන­යක පොළොව හාරා බිම් මහ­ලක් ද සහි­තව ඉදි­කර ඇතැයි ද එහිදී හෙළිවිණි.

‘දැයට කිරුළ’ වැඩ­ස­ට­හන යටතේ ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ මෙහෙ­ය­වීම මත මාතර කොට­විල ප්‍රදේ­ශයේ 2015 දී ඉදි­ක­රන ලද මාතර දිස්ත්‍රික් පරි­පා­ලන සංකී­ර්ණ­යට රුපි­යල් මිලි­යන 50ක් පමණ විය­දම් කර තිබිණි. අද එය භාවි­ත­යට ගත නොහැකි ලෙසින් අබ­ලන්ව ඇති බවත් ඒ සඳහා එම සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වේදී හෙළිවිණි.

එම ගොඩ­නැ­ඟිල්ල සඳහා මුල් ඇස්ත­මේ­න්තුව ලෙස රුපි­යල් මිලි­යන 2000ක් නිර්දේ­ශවී තිබී ඇති බව ද වාර්තා විය. සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ මෙහෙ­ය­වීම මත මාතර නාවි­මන ප්‍රදේ­ශයේ ඉදි­කර ඇති සාක් සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය ද මේ වන­විට ඉදි­කි­රීම් අත­හැර දමා ඇත. ඒ සඳහා මෙතෙක් වැය­කර ඇති මුදල රුපි­යල් මිලි­යන 1600ක් බව එහිදී අනා­ව­ර­ණය විය.

මෙම ගොඩ­නැ­ඟිලි පද්ධ­තිය විශ්ව­වි­ද්‍යා­ලය ඇතුළු ආය­තන කිහි­ප­ය­කට පැව­රී­මට උත්සාහ දරා ඇතත් දැරිය නොහැකි වැය බරක් සිදු­විය හැකි බැවින් හා නඩත්තු කට­යුතු කළ නොහැකි බැවින් එම යෝජ­නාව ප්‍රති­ක්ෂේප වී ඇතැයි ද කියයි.

එමෙන්ම එම ගොඩ­නැ­ඟි­ල්ලට යුද හමුදා ආර­ක්‍ෂාව ඇතත් එහි යකඩ පලංචි හා කොන්ක්‍රීට් කම්බි දිරා­පත් වී ඇති බවත් සොරුන් එහි කම්බි ඇතුළු බොහෝ දේ සොර­කම් කර ඇති බව­ටත් නිරී­ක්ෂ­ණය වී ඇතැයි වාර්තා වෙයි.

හක්මණ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය වෙනු­වෙන් 2015 වස­රේදී එම ප්‍රදේ­ශයේ ඉදි­කර ඇති තෙම­හල් හා සිවු මහල් ගොඩ­නැ­ඟිලි මේ වන­විට අත­හැර දමා ඇති අතර මුල් ඇස්ත­මේ­න්තු­වෙන් ඒ සඳහා රුපි­යල් මිලි­යන 100ක් විය­දම් කර ඇතැයි ද අනා­ව­ර­ණය විය.

නැවත විය­ද­මක් දරා ගොඩ­නැ­ඟිය හැකි මට්ටමේ පව­තින මෙම ගොඩ­නැ­ඟිලි ඉදි­කර ඇති භූමිය ඕලන්ද යුගයේ කොටුව පැව­තීම හේතු­වෙන් පුරා­විද්‍යා භූමි­යක්ව පැවත ඇති බව හා එහි නිධා­න­යක් ඇති බවට පැතිර ගිය කතා ඔස්සේ එක් ගොඩ­නැ­ඟි­ල්ලක කොට­සක් පොළව යට හාරා ඉදිකර ඇති බව ද මෙහිදී අනා­ව­ර­ණය විය.

දෙනි­යාය ප්‍රදේ­ශයේ රුපි­යල් මිලි­යන 122ක මුල් ඇස්ත­මේ­න්තුව මත ඉදි­ක­රන ලද යොවුන් සේනාංක මධ්‍ය­ස්ථා­නය මේ වන­විට ඉදි­කි­රීම් අත­හැර දමා ඇති බව ද 2018 වසරේ ඉදි­කි­රීම් ආරම්භ කර ඇති මෙම ගොඩ­නැ­ඟිල්ලේ සියලු ඉදි­කි­රීම් කට­යුතු යෞවන කට­යුතු අමා­ත්‍යාං­ශය යටතේ ක්‍රියා­ත්ම­කව තිබී ඇති බව ද වාර්තා විණි.

අත­හැර දමන ලද තවත් ඉදි­කි­රී­මක් බවට අනා­ව­ර­ණය වූයේ අකු­රැස්ස මාරඹ ළමා රැඳ­වුම් මධ්‍ය­ස්ථා­න­යයි. 2018 වස­රේදී රුපි­යල් මිලි­යන 122 මුල් ඇස්ත­මේ­න්තුව මත ඉදි­කර ඇති මෙම ගොඩ­නැ­ඟිල්ල සඳහා මෙතෙක් සිදු­කර ඇති ඉදි­කි­රීම් වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 68ක් වැය කර ඇති බව ද මෙහිදී අනා­ව­ර­ණය විය. මෙහිදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා දිස්ත්‍රික් ලේක­ම්ව­ර­යාට උප­දෙස් ලබා දුන්නේ මෙම ගොඩ­නැ­ඟිලි පිළි­බඳ විධි­මත් පරී­ක්ෂ­ණ­යක් සිදු­කර කඩි­න­මින් අවශ්‍ය ක්‍රියා­මාර්ග ගන්නා ලෙසයි. එය තව­දු­ර­ටත් කල් නොහ­රින ලෙස ද ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී උප­දෙස් ලබා දුන්නේය.(දිනමිණ)