
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන බදාදා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර ලබන සෙනසුරාදා සහ ඉරිදා (ජුලි 01 සහ 02) පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ෆ්රාන්ස් 24 නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පැවසුවේ, ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම මෙන්ම ණය කපා හැරීම ද ප්‍රතිව්‍යුහගතකරණයෙන් අපේක්ෂා කරන බවයි.
ලබන සඳුදා වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ නිශ්චිතවම කුමක්ද යන්න සියලු දෙනාට දැනගත හැකි වනු ඇති බව ජනාධිපතිවරයා විශ්වාසය පල කළේය.
ද ලසාර්ඩ් සමාගම ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය හිමි රටවල් සමග සාකච්ඡා කරමින් සිටින බවත් එම සාකච්ඡාවල සාර්ථක ප්රගමනයක් දක්නට ලැබෙන බවත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කළේය.
හම්බන්තොට වරාය චීන පාලනයේ පැවතීම මිලිටරි ක්‍රියාකාරකම් සඳහා එය චීනය විසින් යොදා ගැනීමේ හැකියාවක් ඇති බවට පළවන මත සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කෙරුණි.
“චීනය වසර 1500ක් තිස්සේ ලංකාවේ ඉන්නවා. මේ දක්වා කිසිම හමුදා කඳවුරක් පවත්වාගෙන ගොස් නැහැ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් මේ ඔක්කොම අනුමාන විතරයි. එම සමාගම කොළඹ වරායේ පර්යන්තයක මෙහෙයුම් කටයුතු සිදුකරනවා. නමුත් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් චෝදනා කරන්නේ නැහැ. හැමෝම කතා කරන්නේ හම්බන්තොට ගැන විතරයි. අපි චීනය සමග කිසිම මිලිටරි ගිවිසුමක් ඇතිකරගෙන නැහැ. ඉදිරියේදී ඇති කරගන්නෙත් නැහැ. මම හිතන්නේ නැහැ චීනයත් එහෙම ගිවිසුමකට එළඹෙයි කියලා. අපි මධ්‍යස්ථ රටක් ඒ වගේම අවධාරණය කරන්න ඕන අපිට කිසිම විදිහකින් ඉඩ දෙන්නේ බැහැ ඉන්දියාවට තර්ජනයක් වන කිසිම දෙයකට ශ්‍රී ලංකාව පදනම් කර ගන්න.” ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
සත්‍ය හා ප්රතිසන්ධාන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා අවශ්‍ය නීති අගෝස්තු මාසය වන විට සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
තමන් ප්‍රංශයේදී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා හමු වූ අවස්ථාවේදීත් එම යාන්ත්‍රණය පිහිටුවීම සඳහ තවදුරටත් සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම යාන්ත්‍රණය තුළ විදේශීය නිරීක්ෂකයන්ද සිටින බවයි ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කළේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart