
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු පොළී අනුපාතික පහළ දැමීමට මෙරට බැංකු කිහිපයක් විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මෙතෙක් 36% ක් ලෙස පැවති වාර්ෂික පොළී අනුපාතිකය 34% ක් දක්වා අඩු කරනු ලබන බව එම බැංකු විසින් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී ඇත.
මෙම ක්‍රෙඩිට් කාඩ් පොළී අනුපාතික සංශෝධනය, 2023 ජූලි 01 දින සිට බලපැවැත්වෙන බව අදාළ බැංකු විසින් වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2023 අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට භාවිතයේ ඇති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,929,984 ක් බවයි.
මෙය 2022 දෙසැම්බර් මාසය අවසානයේ පැවති 1,952,991 ක්වූ කාඩ්පත් සංඛ්‍යාවට වඩා කාඩ්පත් 23,007 ක අඩුවීමකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart