
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන ආනයනය සඳහා මහාභාණ්ඩාගාරය විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇති බවට පළවන පුවත් නොමග යවන සුළු සහ පදනම් විරහිත බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ වාහන ගෙන්වීම සඳහා රජයට විදේශ විනිමය නොමැති බවට එම අසත්‍ය ප්‍රවෘත්ති මගින් වාර්තා කිරීම නිසා එමගින් බරපතල තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
ශ්‍රී ලංකා මහබැංකුව සහ මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව පැහැදිළි කළ ඔහු, අදාළ ප්‍රවෘත්තිය පදනම් විරහිත තොරතුරු මත සකස් කර ඇති බව ද පෙන්වාදුන්නේය.
මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තිවලින් ප්‍රයෝජන ගන්නා පුද්ගලයන් සිටිය හැකි බැවින්, එවැනි අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙවැනි ප්‍රවෘත්ති වාර්තා කිරීම තුළින් දේශීය වෙළෙඳපොළට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවට ද අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart