
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක පහක් පුරා පිහිටි ශ්‍රී ලාංකික දෙමළ පුනරුත්ථාපන කඳවුරුවල සිටි ජනතාව වෙනුවෙන් රුපියල් කෝටි 38.76ක වියදමින් ඉදිකරන ලද නිවාස 729ක් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් අතින් වීඩියෝ තාක්ෂණය හරහා විවෘත කෙරිණි.
ආදායම් හා ආපදා කළමනාකරණ අමාත්‍ය කේ.කේ.එස්.එස්.ආර්. රාමචන්ද්‍රන් සහ ප්‍රධාන ලේකම් එන්. මුරුගානන්දම් ද ඊයේ මෙම අවස්ථාවට සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි
2021 අගෝස්තු මාසයේදී 110 වැනි රීතිය යටතේ රාජ්‍ය සභාවේදී කරන ලද නිවේදනයට අනුව දිස්ත්‍රික්ක 26ක් පුරා කඳවුරු 67ක පදිංචි ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා මිල්නාඩු රජය නව නිවාස ඉදිකිරීම සහ පවතින නිවාස අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු පියවර කිහිපයක් ගෙන තිබේ.
අලුතින් ඉදිකරන ලද නිවාස විල්ලුපුරම්, තිරුප්පූර්, සේලම්, ධර්මපුරි සහ විරුදුනගර් දිස්ත්‍රික්කවල කඳවුරුවල පිහිටා ඇත.
ඊට අමතරව, රජය රුපියල් කෝටි 7.33ක වියදමින් මාර්ග, විදුලි රැහැන් සහ පානීය ජල සැපයුම වැනි කඳවුරුවල මූලික පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇත.
පුනරුත්ථාපන වැඩසටහනේ පළමු අදියරේදී, දිස්ත්‍රික්ක 18ක කඳවුරු 35ක රුපියල් කෝටි 180.34ක මුළු නිවාස 3,510ක් ඉදිකර ඒවා ප්‍රතිලාභීන්ට භාර දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart