
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඇෆ්ගනිස්ථානයේ ගෞරවනීය විනිසුරුවරයකු සහ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වූ බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් නිවේදනය කර ඇත.
එක්දින තරග 34ක් සහ T 20 තරග 26ක් නියෝජනය කළ බිස්මිල්ලා ජාන් ෂින්වාරි මිය යන විට 41 වැනි වියේ පසුවිය.
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ නායකත්වය, කාර්ය මණ්ඩලය සහ සමස්ත ඇෆ්ගන් අටලාන් පවුලම ඇෆ්ගනිස්ථානයේ ප්‍රභූ විනිසුරු මණ්ඩලයේ ගෞරවනීය සාමාජික වන බිස්මිල්ලා ජාන් ෂින්වාරි (1984 – 2025) ගේ අභාවය ගැන දැඩි කම්පනයට හා ශෝකයට පත්ව සිටින බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩල ශෝක පණිවුඩයේ දැක්වේ.
බිස්මිල්ලා ජාන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨ සේවකයකු වූ අතර, ඔහු සිය කැපී පෙනෙන වෘත්තීය ජීවිතය පුරා එක්දින තරග 34ක්, T 20 තරග 26ක්, පළමු පෙළ තරග 31ක්, A කාණ්ඩයේ තරඟ 51ක් සහ දේශීය T20 තරඟ 96ක් විනිශ්චය කළ බව ද එම නිවේදනයේ දැක්වේ.
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය ඔහුගේ පවුලේ අයට, මිතුරන්ට සහ සමස්ත ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් සහෝදරත්වයට හෘදයාංගම ශෝකය සහ සංවේගය පළ කරයි.
බිස්මිල්ලා ජාන් ෂින්වාරි සැමවිටම අපගේ හදවත් හා සිතුවිලි තුළ රැඳෙනු ඇති බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart