July 8, 2025

හෙදියන්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම අනාගතයේදී ගැටළු රැසකට හේතු විය හැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ විශ්‍රාම යෑමේ වයස අඩු කිරීම මගින් දැනට පවතින හෙද හිඟය තවත් උග්‍ර කරන බවයි.

හෙදියන්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය දුන් තීරණයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ අනුව, නීතිමය කටයුතු අවසන් වන තෙක් අභියාචනාධිකරණයේ තීන්දුව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය මාර්තු 6 වැනි දින නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය මත පදනම්ව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ජූලි 4 වැනි දින චක්‍රලේඛයක් නිකුත් කරමින් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ සියලුම හෙදියන් විශ්‍රාම යා යුතු බවට උපදෙස් දුන්නේය.