
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කලක් සිය සමීපතම සහයා වූ එලොන් මස්ක් විසින් නව දේශපාලන පක්ෂයක් දියත් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව ට්‍රම්ප් පවසන්නේ, මස්ක්ගේ ක්‍රියාව ‘විකාරයක්’ බවයි.
අමෙරිකාව තුළ පවතින්නේ සැමවිටම ද්වි-පක්ෂ ක්‍රමයක් වන අතර, තුන්වැනි දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම ව්‍යාකූලත්වය වැඩිකරන බව ද ඔහු පවසා ඇත.
තුන්වැනි පක්ෂයක් කිසිසේත් සාර්ථක නොවන බැවින් මස්ක් හට එය සමඟ විනෝද විය හැකි බව ට්‍රම්ප් පවසයි.
කෙසේවෙතත් මස්ක් සිය නව දේශපාලන පක්ෂය වන ‘අමෙරිකානු පක්ෂය. එළිදක්වමින් පැවසුවේ, අමෙරිකාවේ වත්මන් දේශපාලන ක්‍රමයට අභියෝග කිරීමට අවශ්‍ය බවයි.
එහෙත් ‘ස්පේස් එක්ස්’ සහ ‘ටෙස්ලා’ හි හිමිකරු වන මස්ක් යනු පීලිපැනීමට ලක්වූ දුම්රියක සුන්බුන් ගොඩක් බව ට්‍රම්ප් පවසා තිබේ.
ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන මස්ක් සහ ට්‍රම්ප් ඉකුත් කාලයේ සමීපතම මිතුරන් ලෙස කටයුතු කළ අතර, ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්රමුඛ ආධාරකරු වූයේ ද මස්ක් ය.
එමෙන්ම ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු රජයේ වියදම් කපාහැරීමේ දෙපාර්තමේන්තුව වන අමෙරිකාවේ කාර්යක්ෂමතාව දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ මස්ක් වෙනුවෙන් ධවල මන්දිරය තුළම කාර්යාලයක් විවෘත කර තිබිණි.
එහෙත් big beautiful bill ලෙස හැඳින්වූ ට්‍රම්ප්ගේ බදු පනත සම්බන්ධයෙන් මස්ක් විරෝධය පළකළ අතර, ඒ ඔස්සේ ඔවුන් දෙපළ අතර තිබූ හොඳ හිත පළුදු වී මේ වනවිට දැඩි ප්‍රතිවිරුද්ධ මතධාරීන් බවට පත්වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart