
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උගන්ඩාවේ වත්මන් ජනාධිපතිවරයා වන 80 හැවිරිදි යොවේරි මුසවේනි ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා ලෙස සිය නම ප්‍රකාශයට පත්කර තිබේ.
මේ වනවිටත් අවුරුදු 40ක් පුරා උගන්ඩාව පාලනය කර ඇති මුසවේනි තවදුරටත් සිය ධූර කාලය දීර්ඝ කර ගැනීමට එමගින් අපේක්ෂා කරයි.
මේ අතර සිය නාම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුසවේනි පවසා ඇත්තේ, තමාට පක්ෂයෙන් හිමිවූ ආරාධනාව පිළිගත් බවයි.
තමන් යළිත් වරක් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් උගන්ඩාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්කිරීමේ තම මෙහෙයුම ඉදිරියට ගෙන යන බව ද ඔහු පැවසුවේය.
කෙසේවෙතත් දේශපාලන විචාරකයන් පවසන්නේ, මුසවේනි 1986 කැරලි නායකයකු ලෙස උගන්ඩාවේ බලය අල්ලාගත් දා සිට අයෝමය හස්තයකින් රට ඒකාධිපති පාලනයක් යටතේ ගෙනයන බවයි.
එතැන් සිට පැවැති සෑම මැතිවරණයකින්ම ඔහු ජයග්‍රහණය කර ඇති අතර, ඔහුට තනතුරේ රැඳී සිටීමට හැකි වන පරිදි වයස් සීමාවන් සහ කාල සීමාවන් ඉවත් කිරීම සඳහා ව්‍යවස්ථාව දෙවරක් සංශෝධනය කර ඇත.
ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයේදී මුසවේනිගේ ප්‍රධාන අභියෝගකරුවා වනු ඇත්තේ පොප් තරුවක් බවට පත් වූ දේශපාලනඥයකු වන බොබි වයින්ය.
වයින් ජනමාධ්‍ය හමුවේ පැවසුවේ, තම පක්ෂය වන ජාතික සමගි වේදිකාවෙන් තමන්ව අපේක්ෂකයා ලෙස නම් කළහොත් මුසවේනිට එරෙහිව තරඟ කරන බවයි.
එහෙත් රාජ්‍ය මර්දනය හේතුවෙන් විපක්ෂයේ සිටීම අවදානම් බවත්, උගන්ඩාවේ විපක්ෂයේ සිටීම යනු ත්‍රස්තවාදී ලේබලය ඇලවීමට ලක්වීම බවත් ඔහු පවසයි.
වයින්ගේ සැබෑ නම වන්නේ Robert Kyagulanyi ය.
ඔහු 2021 දී ද මුසවේනිට එරෙහිව තරඟ වැද 35% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් පරාජය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart