
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පසුගිය මස ශ්‍රී ලංකාවට ලබාදුන් Meningococcal එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් විසින් නියමිත වේලාවට මුදවා ගැනීමට අපොහොසත් වීම නිසා තවමත් රේගුවේ සිරවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වසරේ හජ් සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සිය ගණනකට අනිවාර්යයෙන් Meningococcal එන්නත ලබාදිය යුතුව ඇත. එහෙත් එය රජය විසින් සපයන නිශ්චිත ක්‍රමවේදයක් නොමැති බැවින්, නියාමනය නොකළ ක්‍රම මගින් එන්නත ලබාදෙන බව වාර්තා සඳහන් කරයි.
එන්නත කළමනාකරණය පිළිබඳ සහතිකයක් නොමැතිව සාමාන්‍ය මගී ගමන් මලුවලින් මෙම එන්නත ආනයනය කරන බවට වෛද්‍යවරු සැක කරන අතර එයට හේතුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හෝ ලියාපදිංචි ඖෂධ සමාගම්වල එන්නත් ලබා ගත නොහැකිවීමය.
විශාල ජනකායක් තුළ බැක්ටීරියා රෝග සම්ප්‍රේෂණයවීමේ අවදානම ඉහළ බැවින් මෙම එන්නත සෞදි බලධාරීන් විසින් මක්කමෙහි හජ් වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්ට පනවන අනිවාර්ය අවශ්‍යතාවයකි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කුප්පි 1000ක් ඉල්ලා ඇති අතර, ඉන් කුප්පි 200ක් ලැබී ඇත.
කෙසේ වෙතත් වෛද්‍ය සැපයුම් අංශය විසින් මෙම සීමිත ප්‍රමාණය පවා කොළඹ වරායෙන් පිටතට ගෙන නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ රේගු ආරංචි මාර්ග තහවුරු කරයි.
Meningococcal එන්නත වරායේ සිරවී ඇති එකම පරිත්‍යාගය නොවන බවත්, පසුගිය කාලයේ, ආර්ථික අර්බුදය හමුවේ පැමිණි නොමිලේ වෛද්‍ය සැපයුම් තොග නිකුත් කිරීම අමාත්‍යංශය ප්‍රමාද කළ අතර සමහර ඒවා කෙටි කල් ඉකුත් වී ඇති බවත්, වාර්තා සඳහන් කරයි.
(Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart