
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ණය සහන කාලය අවසන් වුවද පරාටේ නීතිය සම්බන්ධයෙන් පුලුල් බියක් පැතිර ඇති පරිදි දේපළ අත්පත් කරගැනීම් ආරම්භ කිරීමට කිසිදු සැලසුමක් නොමැති බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය නිවේදනය කර තිබේ.
එමගින් බැංකු සංගමය පවසන්නේ, බොහෝ ණයගැතියන් ණය නැවත කාලසටහන් කිරීමට සහ ආපසු ගෙවීමට බැංකු සමඟ සාධනීය ලෙස කටයුතු කරමින් සිටින බවයි.
ණය ගැණුම්කරුවන්ගෙන් ඉතා සුළු කොටසක් පමණක් ඔවුන්ගේ ණය පැහැරහැරීම සිදුකර ඇති බවත් එවැනි ණය ගැණුම්කරුවන්ට පරාටේ නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය නිවේදනය කරයි.
එමෙන්ම එම සංගමය පෙන්වාදෙන්නේ, වාණිජ බැංකු තම ගනුදෙනුකරුවන් රඳවා තබාගැනීම වෙනුවෙන් නීති බලාත්මක කිරීමට වඩා, ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කර ණය අයකර ගැනීමට කැමැත්තක් දක්වන බවයි.
ඇතැම් ණය ගැණුම්කරුවන්ට 2025 දෙසැම්බර් දක්වා සහන හිමිවීමත් සමඟ, රජයේ මාර්තු 31 කාලසීමාවෙන් ඔබ්බට සහන කාලය ස්වේච්ඡාවෙන් දීර්ඝ කිරීමෙන් වාණිජ බැංකු ඔවුන් සම්බන්ධයෙන් නම්‍යශීලී බවක් පෙන්නුම් කර ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart