
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එදිනෙදා නාගරික ප්‍රදේශ කරා ඇදී එන මහජනතාව සහ දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් භාවිතයට ගත හැකි සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, ප්‍රමිතියෙන් යුත් වැසිකිළි පද්ධතිවලින් සමන්විත සනීපාරක්ෂක පහසුකම් ඉදිකිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත. නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජිත පහසුකම් ස්ථාපනය කළ යුතු උචිත ස්ථාන නාගරික සංවර්ධන සැලසුම්වලට අනුව හඳුනාගනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය යටතේ සනීපාරක්ෂක පහසුකම් පද්ධති 20ක් ඉදි කිරීමට යෝජිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 525.29ක් වැය වෙනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත. ඒ අනුව, පහත සඳහන් ස්ථානවල යෝජිත සනීපාරක්ෂක පහසුකම් පද්ධති ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* දෙමෝදර දුම්රිය ස්ථානය
* සීගිරිය හෝටල් මංසන්ධිය
* නුවර වැවරවුම
* ග්‍රෙගරි වැව, නුවරඑළිය
* කින්නියා වෙරළ, ත්‍රිකුණාමලය
* මාබල් බීච්, ත්‍රිකුණාමලය
* නිලාවේලී වෙරළ ප්‍රදේශය, ත්‍රිකුණාමලය
* පාසිකුඩා, මඩකලපුව
* රුවන්වැලිසෑය රථගාල පරිශ්‍රය
* ලංකාපුර, පොළොන්නරුව
* යාපනයේ කුරීකට්ටුවාන් ජැටි පරිශ්‍රය
* හික්කඩුව වෙරළ තීරය
* හිරිකැටිය, දික්වැල්ල
* පරෙයිවැල්ල වෙරළ උද්‍යානය, තංගල්ල
* ආරුක්කු නවය පාලම, ඇල්ල
* මොරගොල්ල වෙරළ, බේරුවල
* ගල්කිස්ස දුම්රිය ස්ථානය
* මීගමුව වෙරළ උද්‍යානය ව්‍යාපෘතිය, අදියර 1
* බත්තරමුල්ල මංසන්ධිය
* බඩගමුව වන උද්‍යානය, කුරුණෑගල
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart