July 2, 2025

ව්‍යාජ ඇමරිකානු ඩොලර් නෝට්ටු හයක් ළඟ තබාගත් පුද්ගලයකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (01) දින මිනුවන්ගොඩ නගරයේ බැංකුවක වැටලීළීමක් සිදුකර ඇත.

එම වැටළීමේදී ව්‍යාජ ඩොලර් 100 නෝට්ටු හයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු රස්නායකපුර පදිංචි 45 හැවිරිදි අයෙක් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.