
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ සිට ආරම්භ වූ නව නීතියක් යටතේ සිංගප්පූරුවේ පොලිසියට පුද්ගලයකුගේ බැංකු ගිණුමක පාලනය අත්පත් කරගැනීමට සහ එම් පුද්ගලයා වංචාවකට හසුවන බවට සැකකරන්නේ නම් මුදල් හුවමාරුව අවහිර කිරීමට බලය හිමි වේ.
තමන් වංචාවට ලක්වන බව විශ්වාස කිරීම වින්දිතයන් බොහෝ විට ප්‍රතික්ෂේප කිරීම පොලිසිය මුහුණදෙන පොදු ගැටළුවක් බවට පත්ව ඇති අතර එවැනි වංචා වැළැක්වීම මෙම පියවරේ අරමුණ බව බලධාරීහු පවසති.
සිංගප්පූරුවේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම පියවර ආක්‍රමණශීලී ක්‍රියාවක් ලෙස විස්තර කළද, පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් නව නීතිය සම්මත කර තිබුණේ මෙම වසර මුලදීය.
සිංගප්පූරුව තුළ මූල්‍ය වංචා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, 2024 දී එරටින් වාර්තා වූ මූල්‍ය වංචාවල අගය සිංගප්පු ඩොලර් බිලියන 1.1 දක්වා ඉහළ ගොස් තිබිණි.
නව වංචාවලින් ආරක්ෂා කිරීමේ පනත යටතේ, පුද්ගලයෙකු මූල්‍ය වංචා කරන බවට සැකකරන්නේ නම්, එම වංචාවට හසුවන බවට සැකකෙරෙන වින්දිතයකුගේ ගනුදෙනු අවහිර කරන ලෙස පොලිසියට බැංකුවලට නියෝග කළ හැකියි.
එමෙන්ම වින්දිතයකුගේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ ණය සේවා භාවිත කිරීම ද පොලිසියට අවහිර කළ හැකිය.
එයින් අදහස් කෙරෙන්නේ, වින්දිතයා තමන් වංචාවකට හසුවන බවට සිදුකරන අනතුරු ඇඟවීම් විශ්වාස නොකළත් පොලිස් නිලධාරියෙකුට තීරණයක් ගතහැකි බවයි.
සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි, ඔවුන්ගේ දෛනික වියදම් සහ බිල්පත් ගෙවීම වැනි නීත්‍යානුකූල හේතූන් මත බැංකු ගිණුම් හිමිකරුවන්ට ඔහුගේ අරමුදල් වෙත ප්‍රවේශය හිමිවේ. නමුත් ඔවුන්ගේ මුදල් භාවිත කළ හැක්කේ පොලිසියේ අභිමතය පරිදි පමණි.
එලෙස හඳුනාගැනෙන වින්දිතයකුගේ බැංකු ගිණුම වරකට දින 30 ක් දක්වා පොලිසියට පාලනය කළ හැකි බව සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇති අතර, වැඩි කාලයක් අවශ්‍ය නම් උපරිම වශයෙන් දිගු කිරීම් පහක් සඳහා විකල්පයක් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart