
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් විසින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මහනුවර මල්වතු මහා විහාරය සම්බන්ධ මෑත කාලීන ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනුකර තිබේ.
ජනමාධ්‍යවේදීන් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පැවසුවේ, හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහනුවර මල්වතු මහා විහාරයෙන් ඉල්ලීමක් කළ බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ බවයි.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මහනුවර මල්වතු මහා විහාරය යන දෙපාර්ශ්වයම මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා අසත්‍ය බව පැහැදිලි කර තිබෙනවා.” ඔවුන් පැවසීය.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්තට අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීහු තවදුරටත් චෝදනා කළහ.
“ඔහු මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත යම් තොරතුරු නිකුත් කර තිබෙනවා. මෙම තත්වයට එය හේතු වී තිබෙනවා. මෙම තොරතුරු රජයේ ජාතික ජන බලවේගයේ සාමාජිකයින් කිහිපදෙනෙක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති බවත්, එය තවදුරටත් ප්‍රචාරය කර ඇති බවත් අපට පෙනී ගොස් තිබෙනවා. ජාතික ජන බලවේගයට සහාය දක්වන ජනමාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ගිණුම් මේවා තවදුරටත් බෙදාගෙන තිබෙනවා.” ඔවුහු පැවැසූහ.
එබැවින්, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඉල්ලා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර ඇති බව ඔවුහු පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart