
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා දැඩි තීරණ ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට සිය ගෞරවය පිරිනමන බව හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි.
එම ප්රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායකට ද ප්රශංසාව පළකළේය.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් මහින්ද සිරිවර්ධන කියාසිටියේ තමා භාණ්ඩාගාරයේ සේවය කළ කාලය තුළ රනිල් වික්රමසිංහගේ නායකත්වය යටතේ බොහෝ දේ ඉගෙනගත් බවයි.
තමන් හිටපු ජනාධිපතිවරයා සමඟ දීර්ඝතම කාලයක් වැඩ කළේ ආර්ථිකයේ දුෂ්කරම කාල පරිච්ඡේදයේදී බවත්, ඔහු ආර්ථිකය කළමනාකරණය කළ බවත්, අර්බුදවලදී තීරණ ගන්නා ආකාරය සහ ඒවා ක්රියාත්මක කිරීම දෙස බලන ආකාරය තමන් ඔහුගෙන් ඉගෙනගත් බවත් හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා එහිදී පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ, ඇතැම් තීරණ දේශපාලනික වශයෙන් අභියෝගාත්මක වුවත් ඒවා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත් ඒවා බවයි.
විශේෂයෙන්ම අන්තර්ජාතික ගනුදෙනු සහ ණය ප්රතිව්යුහගතකරණය කිරීම්වලදී රනිල් වික්රමසිංහ සුවිශේෂී නායකත්වයක් ලබාදුන් බව සහ විදේශීය රටවල් සමඟ සිදුකළ ප්රධාන සාකච්ඡා හරහා ඔහු තමාට මඟපෙන්වූ ආකාරය ද ඔහු එහිදී සිහිපත් කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ මැදිහත්වීම නොවන්නට ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් දරුණු විය හැකි බව ද මහින්ද සිරිවර්ධන අවධාරණය කළේය.
එමෙන්ම හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආර්ථික වර්ධන ක්රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද සිය ප්රසාදය පළකළේය.
වත්මන් ජනාධිපතිවරයා බුද්ධිමත්ව ආර්ථිකය හසුරවන බව පැවසූ ඔහු ආර්ථික ප්රතිපත්තිය ඉදිරියට ගෙන යාමට ගත් තීරණය රටේ හැරවුම් ලක්ෂ්යයක් බවට පත් වූ බව ද පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart