July 1, 2025

දෙහි­වල ට්‍රොපි­කල් ඉන් නමැති ලැගු­ම්හ­ලේදී බෝම්බ­යක් පුපු­ර­වා­ගෙන මිය­ගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යට සම්බන්ධ ප්‍රධාන සැක­ක­රු­වෙක් වන ජමීල් නමැ­ත්තාගේ නම ටාජ් සමුද්‍රා හෝට­ල­යට පැමිණ සිටින පුද්ගල නම් ලැයි­ස්තුවේ තිබි­ය­දීත් ඒ සම්බ­න්ධ­යෙන් රාජ්‍ය බුද්ධි සේවය ක්‍රියා­ත්මක නොවීම ගැන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

වැල්ල­ම්පි­ටියේ ඒ වන විට පදිං­චිව සිටි ජමීල් නමැති අය අන්ත­වාදී අද­හස් දර­න්නෙක් බවත්, ඔහු යම් අන්ත­වාදී ක්‍රියා­ව­කට මුල­පි­රීමේ අව­දා­න­මක් ඇති බවත් බුද්ධි අංශ විසින් සැක­යට ලක්ක­රනු ලබන්නේ 2015 සිටයි. එබැ­වින් ඔහු සම්බ­න්ධ­යෙන් ආවේ­ක්ෂ­ණ­යක බුද්ධි අංශ නිර­තව සිට ඇති බවත්, රාජ්‍ය බුද්ධි සේවයේ පවා ජමීල් සම්බ­න්ධ­යෙන් තොර­තුරු තිබී ඇති බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

මෙරට දේව­ස්ථා­න­ව­ලට ප්‍රහා­ර­යක් එල්ල­වී­මට නිය­මිත බවට අන්ත­වා­දීන්ගේ නම් කිහි­ප­යක් ද සමඟ ඉන්දි­යා­වෙන් තොර­තුරු ලැබී­මත් සමඟ රාජ්‍ය බුද්ධි සේවය ඒ ගැන නිසි අව­ධා­න­යක් යොමු කළේ නම් මේ ප්‍රහා­රය වළක්වා ගැනී­මට තිබූ ඉඩ­කඩ බොහෝ බවද එම නිල­ධා­රියා කීවේය. දෛනි­කව උදෑ­සන 7ත් 8ත් අතර කාලයේ පෙර දින රාත්‍රී 12.00 වන විට හෝට­ල­යට පැමිණි පුද්ග­ල­යන්ගේ නම් ලැයි­ස්තුව ටාජ් සමුද්‍රා හෝට­ලයේ ආර­ක්ෂක අංශය විසින් රාජ්‍ය පුද්ධි සේව­යට සහ ජනා­ධි­පති ආර­ක්ෂක අංශ­යට යැවෙන බවද එම නිල­ධා­රියා පැවැ­සීය. 2019 අප්‍රේල් මස 20 වැනිදා සවස ජමීල් පැමිණ ටාජ් සමුද්‍රා හෝට­ලයේ කාම­ර­යක් වෙන්ක­ර­ගෙන ඇති බවත්, 21 වැනිදා උදෑ­සන රාජ්‍ය බුද්ධි සේව­යට සහ ජනා­ධි­පති ආර­ක්ෂක අංශ­යට යොමු කළ හෝට­ලයේ නවා­තැ­න්ගෙන සිටින පුද්ගල ලැයි­ස්තුවේ ජමීල්ගේ නම තිබී ඇති බවත් එම නිල­ධා­රියා සඳ­හන් කළේය.

හෝට­ලයේ කාම­ර­යක් වෙන්කර ගන්නා සිය­ලුම දෙනාගේ ජාතික හැඳු­නු­ම්පත් අංක හෝටල් දත්ත පද්ධ­ති­යට ඇතු­ළත් කිරීම අනි­වා­ර්ය­යෙන් සිදුකරන කාර්ය­යකි. එහෙත් ජමීල්ගේ ජාතික හැඳු­නු­ම්පත් අංකය එම පද්ධ­තියේ නොවූ බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැ­ත්වී­මට පත්කළ කොමි­ෂන් සභා­වේදී අනා­ව­ර­ණය විය.(දිනමිණ)