
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරගම රිය අනතුරකින් විශ්රාමික ගුරුවරියක් මියගොස් ඇති අතර ඇගේ සැමියා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
නවතා තිබූ කැබ් රථයේ දකුණු පැත්තේ දොර රියදුරු විසින් හදිසියේම විවෘත කිරීම හේතුවෙන්, පොකුණුවිට සිට බණ්ඩාරගම දෙසට ධාවනය කරමින් තිබු යතුරුපැදියේ හැන්ඩ්ලය කැබ් රථයේ ගැටීමෙන් යතුරුපැදිය මාර්ගයේ පෙරළී එම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදිය පෙරළීමෙන් විශ්රාමික ගුරුවරිය ත්රිරෝද රථයකට යට වී එම ස්ථානයේදීම මියගොස් ඇත.
යතුරුපැදියේ පසුපස ගමන් කළ විශ්රාමික ගුරුවරිය අනතුරින් මියගොස් ඇති අතර, තුවාල ලැබූ ඇගේ සැමියා හොරණ දිස්ත්රික් මහරෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
මියගිය විශ්රාමික ගුරුවරිය 62 හැවිරිදි තිදරු මවක් වන අතර, පොකුණුවිට හංස උයන ප්රදේශයේ පදිංචිකාරියකි.
කැබ් රථ රියදුරු වන විශ්රාමික සහ ආබාධිත හමුදා සෙබළා සහ ත්රිරෝද රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් දෙදෙනාම අද (30) දින පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart