June 29, 2025

කතරගම පූජා නගරය ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කළ, වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මැයි 31 වැනිදා සිට මේ දක්වා සිදුකළ පරික්ෂා කිරීම්වලදී මෙම නඩු පැවරීම් සිදුකර ඇත.

ඒ සඳහා කණ්ඩායම් 5ක් යොදවා තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ, එහිදී වෙළෙඳ සැල් 75ක් පරික්ෂා කළ බවයි.

ඒවායේ තිබී භාවිතය තහනම් කර ඇති පොලිතින් මල්මාලා ,ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් තොග සොයාගෙන ඇත.

දේවාල භූමියට පිටතින් රැගෙන එන පූජා ද්‍රව්‍ය තුළ ඇති ප්ලාස්ටික් මල්මාලා ඇතුලු ප්‍රමිතියෙන් තොර භාණ්ඩ නොගැනීමට කටයුතු කරන්නැයි කපු මහතුන් දැනුවත් කර ඇති බව ද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.