
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඕමානය සමග අද(23) පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10 ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
සිම්බාබ්වේ හි බුලවායෝහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ආරධනයෙන් ඕමාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙනු ලැබුවේය.
එහිදි ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වු ඕමාන කණ්ඩායමට පන්දුවාර 30යි පන්දු 2ක් අවසානයේ සියලු දැවි ලකුණු 90 ක් පමණක් රැස්කළේය.
යළිත් විශිෂ්ට පන්යැවිමක නිරතවු වනිදු හසරංග පන්දුවාර 07යි පන්දු 02ක් යවා ලකුණු 14කට කඩුලු 05ක් බිඳහෙළීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කඩුලු 06 ක් බිද හෙළා වනිදු හසරංග සිය හොඳම එක්දින පන්දු යැවිම පසුගියදා වාර්තා කර තිබිණි.
ඒ අනුව,කඩුලු 11ක් ලබාගනිමින් එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස වනිදු හසරංග ඉදිරියෙන් පසුවන්නේය.
ලහිරු කුමාරද කඩුලු 03 දවාගත්තේය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවි පන්දුවාර 15ක් අවසානයේ ලකුනු 100ක රැස්කර තරගය ජයග්‍රහණය කළේය.
එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 61ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 37ක් නොදැවි ලබාගත්හ.
තරගයේ වීරයා ලෙස නම්කෙරුණේ වනිදු හසරංග ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart