
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී පුද්ගලයන් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයකුට ජපානය මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
එය වසර තුනකට පමණ පසු එරට තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාවයි.
X ලෙස හඳුන්වන සමාජ මාධ්‍ය වේදිකාව හරහා සම්බන්ධ වී වයස අවුරුදු 15ත් 26ත් අතර වයසේ පසු වූ වින්දිතයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 34 හැවිරිදි ටකාහිරෝ ෂිරයිෂි එල්ලා මරා දමා තිබේ.
ඔහු ඝාතනය කළ එක් අයෙකු හැර අනෙක් සියල්ලන්ම කාන්තාවන්ය.
ටෝකියෝවේ සිට කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි සමා නගරයේ ඔහුගේ මහල් නිවාසයේ පුද්ගලයන් නව දෙනෙකු ගෙල සිර කර ඝාතනය කර සිරුරු කැබලි කිරීම සම්බන්ධයෙන් ඔහුට 2020 දී මරණ දඬුවම නියම විය.
ෂිරයිෂි තම ජීවිත නැති කර ගැනීම ගැන ඉඟි පළ කළ පරිශීලකයන් ඉලක්ක කරතිබිණි.
ඔවුන්ගේ සැලසුම්වලට උදව් කළ හැකි බව හෝ ඔවුන් සමඟ මිය යා හැකි බව ඔවුන්ට පවසමින් ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර ඇත.
ෂිරයිෂිගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළ අධිකරණ අමාත්‍ය කීසුකේ සුසුකි පැවසුවේ ඔහුගේ අපරාධවලට මංකොල්ලකෑම, දූෂණය, මිනීමැරීම, මළ සිරුරක් විනාශ කිරීම සහ මළ සිරුරක් අතහැර දැමීම යන චෝදනා ඇතුළත් බවයි.
ෂිරයිෂි තමාගේම ලිංගික හා මූල්‍ය ආශාවන් තෘප්තිමත් කර ගැනීමේ සැබෑ ආත්මාර්ථකාමී හේතුව සඳහා ක්‍රියා කළ බවත්, ඝාතන සමාජයට මහත් කම්පනයක් සහ කණස්සල්ලක් ඇති කළ බවත් ඔහු පැවසීය.
අගනුවර අසල ඔහුගේ කුඩා නිවසට ඔවුන්ව ඇදගෙන යෑමෙන් පසු, සාක්ෂි සැඟවීම සඳහා ඔහු ඔවුන්ගේ ශරීර කොටස් සිසිලන යන්ත්‍ර සහ මෙවලම් පෙට්ටිවල මහල් නිවාසය වටා සඟවා තැබුවේ බළල් අපද්‍රව්‍ය මුවාවෙනි.
ඔහුගේ නීතිඥයන් තර්ක කළේ ශිරායිෂිට මරණ දඬුවම නියම කිරීමට වඩා සිර දඬුවමක් ලැබිය යුතු බවයි.
ඔහුගේ වින්දිතයන් සියදිවි නසාගැනීමේ සිතුවිලි ප්‍රකාශ කර ඇති අතර ඒ නිසා මිය යෑමට කැමැත්ත පළ කර තිබීම ඊට හේතුව බව ඔවුන් පෙන්වා දී තිබිණි.
නමුත් විනිසුරුවරයකු එම තර්කය ප්‍රතික්ෂේප කළේ ශිරායිෂිගේ අපරාධ කපටි සහ කුරිරු ලෙස හඳුන්වමිනි.
2017 දී සියදිවි නසා ගැනීමට අවශ්‍ය බවට ට්වීට් කළ 23 හැවිරිදි කාන්තාවකගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය විසින් මෙම බිහිසුණු ඝාතන සොයා ගන්නා ලදී.
ඇගේ සහෝදරයා ඇගේ ට්විටර් ගිණුමට ප්‍රවේශ වී තිබු අතර ඉන් ලැබුණු තොරතුරු ඔස්සේ අවසානයේ පොලිසිය ශිරායිෂිගේ නිවසට ගොස් තිබිණි.
එහිදී විමර්ශකයන්ට කැබලි කරන ලද සිරුරු නවයක් හමු විය.
ජපානයේ මරණ දඬුවම සැමවිටම සිදු කරනු ලබන්නේ එල්ලා මැරීමෙන් වන අතර, මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් 100 දෙනෙකුගෙන් අඩක් පමණ නැවත නඩු විභාගයක් අපේක්ෂා කරන බව සුසුකි පවසයි.
අභියාචනා අවසන් වූ පසු තීන්දුවක් ලබා දී මාස හයක් ඇතුළත මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජපන් නීතියෙන් නියම කර ඇති නමුත් බොහෝ සිරකරුවන් වසර ගණනාවක්, සමහර විට දශක ගණනාවක් හුදකලා සිරකඳවුරක රැඳී සිටිති.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී, ජපන් අධිකරණයක් විසින් වසර 60 කට පමණ පෙර සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් පසු ලොව දීර්ඝතම කාලයක් මරණ දඬුවම නියම කර සිටි ඉවාඕ හකමාඩා නිදොස් කොට නිදහස් කරන ලදී.
එමනිසා මෙම පිළිවෙතේ විනිවිදභාවයක් නොමැතිකම පිළිබඳ පුළුල් විවේචනයක් පවතී.
මරණ දඬුවම නියම වූ සිරකරුවන්ට එල්ල කරන ආතතිය හේතුවෙන් මානව හිමිකම් කණ්ඩායම් විසින් දිගු කලක් තිස්සේ හෙළාදැක ඇති, එය ක්‍රියාත්මක කිරීමට පැය කිහිපයකට පෙර ජපානයේ සිරකරුවන්ට දැනුම් දෙනු ලැබේ.
එසේ තිබියදීත්, ජපන් මහජනතාව අතර මරණ දඬුවම සඳහා දැඩි සහයෝගයක් පවතී.
2022 දී අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලද්දේ 2008 දී ටෝකියෝවේ සාප්පු සංකීර්ණ දිස්ත්‍රික්කයක් වන අකිහබරා හි පිහි ඇනුමකට ලක් වූ පුද්ගලයෙකුටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart