
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆේස්බුක්, වට්ස්ඇප්, ටෙලිග්‍රාම්, ස්කයිප් සහ වීචැට් වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් සිදුවන මුල්‍ය අපරාධ සීග්‍රයෙන් ඉහළ යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය අනාවරණ කළේ, මෙරට ජනතාවට වංචනික ක්‍රියා සිදුකිරීමට අපරාධකරුවන් භාවිත කරන ප්‍රධාන ක්‍රම දෙකක් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
පළමු ක්‍රමය වන්නේ පුද්ගලයන්ට නිවසේ සිට විශාල මුදලක් උපයාගත හැකි යැයි කියන ව්‍යාජ සබැඳි රැකියා දීමනා ප්‍රවර්ධනය කිරීමයි.
වින්දිතයන් කුඩා ප්‍රමාණයෙන් මුදල් ආයෝජනය කිරීමට පොළඹවනු ලබන අතර, මුලින් විශ්වාසය ගොඩනැගීම සඳහා ව්‍යාජ ප්රතිලාභ ලබාදෙයි.
ක්‍රමක්‍රමයෙන් වැඩි ලාභයක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් විශාල මුදලක් ආයෝජනය කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.
කෙසේවෙතත්, සැළකිව යුතු මුදලක් තැන්පත් කළ පසු, වංචාකරුවන් ‘රේගු ගාස්තු’ හෝ ‘ආරක්ෂක බදු’ වැනි හේතූන් සඳහන් කරමින් තවදුරටත් ගෙවීම් ඉල්ලා සිටින අතර, අවසානයේදී මුදල් සමඟ ඔවුන් අතුරුදන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ජනතව රැවටීම්වලට ලක්කරන අනෙක් ක්‍රමය වන්නේ දුරස්ථ රැකියාවක මුවාවෙන් ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් අංක ලබා දෙන ලෙස ඉල්ලා සිටීමයි.
වංචාකරුවන් පසුව මෙම ගිණුම් වෙත සැක කටයුතු අරමුදල් මාරුකරන අතර, කොමිස් මුදලක් රඳවාගනිමින් මුදල් වෙනත් ගිණුම් වෙත යොමුකරන ලෙස වින්දිතයන්ට උපදෙස් දෙයි.
එසේ කිරීමෙන්, වින්දිතයන් නොදැනුවත්වම මුදල් විශුද්ධිකරණය කිරීමේ මෙහෙයුමක කොටස්කරුවන් බවට පත්වන අතර මූල්‍ය අපරාධවලට ආධාර කිරීම සහ අනුබල දීම සඳහා ඔවුන් නීතියේ රැහැනට හසුවේ.
මෙම වංචාවන් බොහෝවිට ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත ක්‍රියාත්මක වන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන බවත්, හඳුනාගැනීම වැළැක්වීම සඳහා නවීන ඩිජිටල් ක්‍රම භාවිතා කරන බවත් පොලිසිය සඳහන් කරයි.
සමාජ මාධ්‍යවල සංසරණය වන අනවශ්‍ය පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වන ලෙසත්, නොදන්නා සබැඳි සහ රැකියා දීමනාවලට සම්බන්ධ වීමෙන් වළකින ලෙසත්, පෞද්ගලික බැංකු තොරතුරු බෙදාගැනීමෙන් වළකින ලෙසත්, නාඳුනන පුද්ගලයන් වෙනුවෙන් කිසිවිටෙක මුදල් මාරුනොකරන ලෙසත් මහජනතාවට තරයේ අවවාද කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart