
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ පර්යේෂණ නෞකාවක් වන Dr Fridtjof Nansen මෙරටට ළඟානොවන බවත්, ඊට හේතුව වන්නේ නෞකාව සඳහා මෙරටින් අනුමැතිය ලබාදීම ප්‍රමාදවීම බවත් වාර්තා වේ.
එම නෞකාව සඳහා අනුමැතිය හිමිවීම ප්‍රමාද වූයේ එවැනි පර්යේෂණ නෞකා සඳහා අනුමැතිය ලබාදීමේ සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටි සැකසීමේ ප්‍රමාදය බව පැවැසේ.
නෞකාව මෙරටට ළඟාවීමට නියමිත්ව තිබුණේ මත්ස්‍ය සම්පත තක්සේරු කිරීම ඇතුළු පර්යේෂණ කටයුතු සිදුකිරීමටය.
කෙසේවෙතත් නෞකාව සඳහා ප්‍රමාද කෙරුණු අනුමැතිය පසුව ලබාදුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අනුව බව වාර්තා වේ.
එහෙත් මේ වනවිට වාර්තා වන පරිදි, එම නෞකාවේ සමීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙනුවට මැඩගස්කරය තෝරාගෙන ඇත.
නවතම තාක්ෂණයෙන් සන්නද්ධ නෞකාවේ මෙහෙවර වන්නේ, සාගරයේ තිරසාර කළමනාකරණය සඳහා විද්‍යාව පදනම් කරගත් තීරණවලට සහාය වීමට භාවිත කළ හැකි සාගර සම්පත් සහ පරිසර පද්ධති පිළිබඳ විද්‍යාත්මක දැනුම උත්පාදනය කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart