June 27, 2025

අද වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් තිබෙන බව වර්තා වේ.

මේ වන විට සභාව පැවැත්වීමට ඉඩනොදෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.