
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගයෙන් යෝජනා කර තිබෙන සමගි ජන බලවේගයේ අපේක්ෂකයා රටෙහි නම ගිය පාතාල ක්‍රියාකාරිකයකු බවට හෙළිදරවු වී ඇතැයි ‘දිනමිණ’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව මොහු ‘මිදිගම ලසා’ නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයකු බව හෙළිදරවු වී තිබේ.
මොහු 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇත.
2025 පළාත් පාලන මැතිවරණයයට වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් ඉදිරිපත් වී තිබේ.
මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාදකරුවකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැති අපරාධකරු සමඟ සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයකු බවට ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම හරක් කටා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ අපරාධ මෙරට තුළදී ක්‍රියාත්මක කරන බවටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවටත් හෙළි වී ඇත. මොහු මින් පෙර කරන ලද අපරාධ රැසක් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිත බන්ධනාගාරගත වී සිට ඇත.
පුද්ගලයන්ට වංචා කිරීම සම්බන්ධයෙන් අත්හිටවූ සිර දඬුවම් ලබා සිටි පුද්ගලයකු බව ද හෙළිදරව් වී තිබේ.
එමෙන්ම මොහු 2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇඟලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ලකෑමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද පුද්ගලයකුට වෙඩිතබා තුවාල කිරීම සඳහා ආධාර අනුබල දීම යටතේ වන නඩුවක් සඳහා ද ටී 56 ගිනිඅවියක් නිවසේ තබා ගැනීම සම්බන්ධයෙන් ද පුද්ගලයන් කිහිප දෙනකුට මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් ද, සන්ෂයින් සුද්දා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවකු ඝාතන සැලැස්මක් මෙහෙයවීම සම්බන්ධයෙන් ද, ඇතුළුව අපරාධ විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විභාග වෙමින් ඇති බවට ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම මොහු මෙවර වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරනු ලබන සභාපති අපේක්ෂකයා බව ද ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart