June 27, 2025

මොහොමඩ් සාලි නලීම් ඉල්ලා අස්වීමෙන්, පාර්ලිමේන්තුවේ ඇති වූ පුරප්පාඩුව සඳහා අබ්දුල් වසීත් නම් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

මෙම තීරණය ඉක්මණින් පාර්ලිමේන්තුවට දැනුම්දීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආරංචි මාර්ග පවසයි.

2025 පළාත් පාලන මැතිවරණයට එරාවුර් නගර සභාවට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මාර්තු 14 වැනි දින සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

දෙසැම්බර් 03 වැනි දින කථානායකවරයා ඉදිරියේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස ඔහු දිවුරුම් දී ඇත.

ඔහු මීට පෙර එරාවුර් නගර සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබිණි.