
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය විය යුත්තේ සියලු රටවල් සමග සමානව සබඳතා ගොඩ නගා ගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එක් රටක් සමග සමීප වී තවත් රටක් සමග ගැටළු ඇති කර ගැනීම කිසිසේත් රටේ ඉදිරි ගමනට වාසිදායක නොවන බවයි.
එබැවින් ඉන්දියාව සමග සබඳතා සාර්ථකව ඉදිරියට ගෙන යන අතරම චීනය සමග ද සබඳතා සහ අවස්ථා වර්ධනය කර ගැනීම කිසිසේත් ගැටලුවක් නොවන බව මන්ත්‍රීවරයා පැවසුවේය.
ඉන්දියාව සමග පවතින ගිවිසුම් අලුත් කරගනිමින් එම ද්විපාර්ශවීය බැඳීම් ශක්තිමත් කර ගෙන ඇති පසුබිමක චීන අවස්ථා සම්බන්ධයෙන් සලකා බැලීම ගැටලුවක් නොවන බව ද මන්ත්‍රීවරයා පැවසීය.ඉන්දියාව වැඩිම වෙළඳ ගනුදෙනු සහ අපනයන සිදු කරන්නේ චීනය සමග බැවින් මෙරට වෙළඳ ගනුදෙනු සඳහා එම පාර්ශවවලින් බලපෑම් එල්ල වන්නේ නම් එය අසාධාරණ බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එක් රටක් සමග පවතින සබඳතා සහ ගනුදෙනු ඔස්සේ කිසිසේත් තවත් රටක් සමග පවතින ගනුදෙනු සහ සබඳතා සඳහා බලපෑම් එල්ල නොවිය යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart