
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අර්චූනා රාමනාදන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තවදුරටත් ධූර දැරීමට ඇති සුදුසුකම් අභියෝගයට ලක්කරමින්, ඔහුට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණය අද විභාගයට ගැනීම ආරම්භ කර තිබේ.
අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා රජයේ වෛද්‍ය නිලධාරියකු ලෙස කටයුතු කරමින් පසුගිය මහමැතිවරණයට නාමයෝජනා භාරදුන් බව පවසමින් අභිනව නිවහල් පෙරමුණේ නායක ඕෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.
එමගින් පෙත්සම්කරු පවසන්නේ, පළමුව රජයේ සේවයෙන් ඉවත් නොවී නාමයෝජනා ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් බවයි.
මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන් හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ එන්.කේ. අශෝක්භාරන් අධිකරණයට දන්වා සිටියේ, අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා රජයේ නිලධාරියකු ලෙස කටයුතු කරන බැවින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට ව්‍යවස්ථාපිතව නුසුදුසු බවයි.
ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඊ) වගන්තිය උපුටා දක්වමින්, එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවට තර්ක කළේය.
අධිකරණය අවසන් තීන්දුව ලබාදෙන තුරු මන්ත්‍රීවරයාගේ කටයුතු වළක්වාලමින් අතුරු නියෝගයක් ද ඉල්ලා සිටියේය.
අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයාගේ කරුණු දැක්වීම සඳහා නඩුව ජූලි 2 වැනිදා දක්වා කල්තැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart