
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයථා ලෙස වත්කම් රැස්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග හමුවට ඉදිරිපත් කර තිබිණි.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අයතා ලෙස වත්කම් රැස්කිරීමේ සිද්ධියකට අදාලව දූෂණ විරෝධී පනත යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කර ඇත.
මෙම සැකකරු පානදුර, පිංවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම සඳහා තම බිරිඳගේ නමින් පවතින ගිණුමකට මුදල් රැස් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබේ.
රුපියල් ලක්ෂ 350කට ආසන්න මුදලක් මේ යටතේ රැස්කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ එම නිලධාරීන් ඒවා සැකකරු විසින් අයතා ලෙස පරිහරණය කරන තිබෙන බවට සැක කළ හැකි කරුණු අනාවරණය වී ඇති බවත් පැවසූහ.
පසුව මෙම මුදල් පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම සඳහා රැස්කළ මුදල් බවට තමන් විසින්ම සකසනු ලැබූ දිවුරුම් ප්‍රකාශයකට විහාරස්ථානයේ රෝගී තත්වයෙන් පසුවූ හිමිනමකගෙන් අත්සන් ලබාගෙන තිබෙන බවත් එම නිලධාරින් පවසා තිබේ.
පසුව මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී අදාල ස්වාමීන් වහන්සේ මෙම දිවුරුම් ප්‍රකාශයට අත්සන් කර තිබෙන්නේ කියවා බැලීමකින් තොරව බවට කරුණු අනාවරණය වී ඇති බවත් ඔවුන් කියා සිටියහ.
ඊට අමතරව මෙම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ 92 කට මිලදී ගනු ලැබූ ඉඩමක් රුපියල් ලක්ෂ 40 ක් ලෙස පෙන්වීමට උත්සාහ කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද ඔවුන් කියා සිටියහ.
මෙම සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති හෙයින් මෙම විමර්ශන තවමත් අවසන් වී නොමැති නිසා මොහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරින් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් වරිය අනතුරුව මෙම නියෝගය නිකුත් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart