
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරායේ නිෂ්කාශන කටයුතුවල පවතින ප්‍රමාදයක් හේතුවෙන් යළිත් වරක් කොළඹ වරායේ තදබදයක් හටගෙන ඇති බවට බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය චෝදනා කරයි.
එබැවින් එම ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ නියෝජිතයකු කියාසිටියේ, මේ හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ 500ක් පමණ සතියකට අධික කාලයක් වරායේ නවතා ඇති බවයි.
පරීක්ෂණ ඒකකයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මෙන්ම නිලධාරීන්ගේ හිඟයක් පවතින බවට වාර්තා වන බවත්, රේගුව ඇතුළු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල හිඟයක් පවතින බවත්, ඇතැම් රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන් පැය 24 වැඩ මුරය සිදුකිරීම වැනි කරුණු වර්තමාන තත්ත්වයට දැඩි ලෙස බලපා තිබෙන බවත් ඔහු පැවසීය.
කොළඹ වරායේ පවතින තදබදයට විසඳුම් සෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ස්ථාපිත කර භාරදී තිබූ භාණ්ඩ ප්‍රවාහනය කරන රථ ගාල සඳහා පහසුකම් සැලසීමට රේගුව අපොහොසත් වී ඇති බවට බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමයේ නියෝජිතයා වැඩිදුරටත් චෝදනා කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ මේ දක්වා එක් වාහනයක් හෝ එහි නවතා තැබීමට අවසර දී නොමැති බවත්, මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව සහ ආරක්ෂක නිලධාරීන් පිරිසක් හිස් ඉඩමක මුර සේවයේ නිරත වී සිටිනු දක්නට ලැබෙන බවයි.
මෙම නිලධාරීන් ජනාධිපතිවරයාට සහ ජනාධිපති ලේකම්වරයාට වඩා බලය සහිත නිලධාරීන් දැයි ප්‍රශ්න කළ බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමයේ නියෝජිතයා කියා සිටියේ මෙම නිලධාරීන් දූෂණය මැඩලීමට රජය ගන්නා උත්සාහයට විරුද්ධ බව පෙනීයන බවයි.
ජනාධිපතිවරයා වහා මැදිහත් වී මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart