
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් 11 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද (26) දින කොළඹ මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතීපතිවරයා මෙලෙස අධිචෝදනා ගොනුකර ඇතැයි සඳහන් වේ.
2024 වර්ෂයේ පෙබරවාරි මස මුලදී ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට ගෙන තිබිණි.
මාස හතකට පසු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට ඇප ලබාදෙන ලදී.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේදී අනුබල දුන් බවට කෙහෙළිය රඹුක්වැල්ලට එම චෝදනා එල්ල වී තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ එම ප්‍රමිතියෙන් තොර ඖෂධය ආනයනය කිරීම හරහා රුපියල් මිලියන 130 ක මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart