
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාජ ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් ඉතාලියට යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු ඊයේ (25) දින බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ආගමන හා විගමන දේශසීමා නිරීක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
වයස අවුරුදු 21 සහ 28 ක් වන සැකකරුවන් යාපනයේ පදිංචිකරුවන් වේ.
පසුගිය (25) දින අබුඩාබි බලා පිටත්වීමට නියමිතව තිබූ EY-397 එතිහාඩ් එයාර්වේස් ගුවන් යානයට ගොඩවීමට ඔවුන් කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබිණි.
සැකකරුවන් මගී පර්යන්තයේ රැඳීසිටියදී, සැක සහිත හැසිරීම හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබූ අතර, පසුව ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර දෙකක් සහ ව්‍යාජ ඉතාලි වීසා දෙකක් සොයාගෙන ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශසීමා නිරීක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරන ලද පරීක්ෂාවෙන් පසුව සියලුම සංචාරක ලියකියවිලි ව්‍යාජ ඒවා බව තහවුරු විය.
වැඩිදුර පරීක්ෂණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart