
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තඹුත්තේගම මහවැලි කලාපයේ ගස් කැපීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 100,000 ක අල්ලසක් 2016 වර්ෂයේදී ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ඉඩම් නිලධාරියකුට කොළඹ මහාධිකරණය ඊයේ (25) දින වසර 22 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇත.
මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් තීන්දුව ප්‍රකාශයට පත්කරමින්, අතිරේක දඬුවමක් ලෙස රුපියල් 30,000ක දඩයක් නියම කළ අතර, අල්ලස් පනත යටතේ එම මුදල අයකර ගැනීමට නියෝග කර තිබේ.
දඩය ගෙවීමට අපොහොසත් වුවහොත් අමතර වසරක සිරදඬුවමක් නියම වන බව අධිකරණය තවදුරටත් නියෝග කළේය.
67 වියැති මෙම හිටපු රාජ්‍ය නිළධාරියා අනුරාධපුරයේ පදිංචි පුද්ගලයකු වන අතර, බලපත්‍රයක් ඉල්ලා සිටි පැමිණිලිකරුට රුපියල් 100,000ක වන්දියක් ගෙවීමට ද අධිකරණය ඔහුට නියෝග කරන ලදී.
2016 මාර්තු 14 වන දින අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදුකරන ලද රහසිගත මෙහෙයුමකදී විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart