
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හා ආයතනික පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණ පදනම් කරමින් හා නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා සේවා අවශ්‍යතාවය මත පහත සඳහන් නිලධාරීන්ට ස්ථාන මාරුකිරීමට අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඒ.සී. ගජනායක බෝගම්බර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානයටත්, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඩී.ආර්.එස්. සිල්වා මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයටත් මාරුකර තිබේ.
වැඩබලන බන්ධනාගාර අධිකාරී සුදන් රෝහණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරුකර ඇත.
සහකාර බන්ධනාගාර අධිකාරී එල්.පී. වර්ණකුලසූරිය වාරියපොල බන්ධනාගාරයේ සිට බෝගම්බර බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී වී. අබේධීර කෑගල්ල බන්ධනාගාරයේ සිට වාරියපොළ බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී කේ. ඩෙප් කළුතර බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී පී. ප්‍රේමතිලක හදිසි ප්‍රතිචාර උපක්රමික බලකායේ සිට අනුරාධපුර බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී පී. පෙරේරා පල්ලේකැලේ බන්ධනාගාරයේ සිට මැගසින් බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී ඒ. උදයකුමාර බූස්ස බන්ධනාගාරයේ සිට කළුතර බන්ධනාගාරයටත් මාරුකර තිබේ.
වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ සොහොයුරාවන සහකාර බන්ධනාගාර අධිකාරී එන්. උපුල්දෙණිය මැගසින් බන්ධනාගාරයේ සිට වටරැක බන්ධනාගාරටත් සහකාර බන්ධනාගාර අධිකාරී ආර්. ප්‍රභාත් වීරවිල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් මාරුකර ඇත.
සහකාර බන්ධනාගාර අධිකාරී ඒ. රාජකරුණානායක බන්ධනාගාර මූලස්ථානයේ සිට හසිදි ප්‍රතිචාර උපක්රමික බලකායටත් , සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රදීප් වසන්ත කුමාර වටරැක බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී එන්. ප්‍රනාන්දු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට වීරවිල බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිට මාතර බන්ධනාගාරයේ සිට පල්ලේකැලේ බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී කුමාර එදිරිසිංහ මහර බන්ධනාගාරයේ සිට කෑගල්ල බන්ධනාගාරයටත් මාරුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart