June 17, 2025

අසල්වැසි ඉන්දියාව යනු ආර්ථික වශයෙන් ඉතා වේගයෙන් ඉදිරියට යමින් පවතින රටක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඉන්දියාව මේවනවිට ජපානය ද පසුකර ගොස් ලොව සිව්වන බලවත් ආර්ථිකය හිමි රට බවට පත්ව ඇති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ශ්‍රී ලංකාව මේ වනවිටත් ඉන්දියාව සමග ගිවිසුම් සහගත වැඩපිළිවෙලක සිටින බව මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

එබැවින් දැන් සිදු කළ යුතු වන්නේ එහි උපරිම වාසිය ලබා ගැනීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ ඔස්සේ නිෂ්පාදන අපනයනය ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.