
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක් වූ පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලද බව ඉරානය පවසයි.
ඉරානය ඊයේ මෙම ප්‍රකාශය සිදු කළේ, දෙරට අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වූ දිනට පසු දිනයෙදී ය.
“ඝාතන සිදු කිරීම සඳහා උපකරණ රටට ආනයනය කිරීමට උත්සාහ කළ ඉද්‍රිස් අලි, අසාද් ෂෝජායි සහ රසූල් අහමඩ් රසූල් අත්අඩංගුවට ගන්නා ලදී. සියොන්වාදී පාලනයට පක්ෂව කටුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට නඩු පවරන ලදී,” අධිකරණය ඊශ්‍රායලය ගැන සඳහන් කරමින් පැවසීය.
“දඬුවම අද උදෑසන ක්‍රියාත්මක කරන ලද අතර ඔවුන් එල්ලා මරා දමන ලදී.” යනුවෙන් අදාළ නිවේදනයේ සඳහන් වේ.
තුර්කියේ දේශසීමාව අසල වයඹදිග නගරයක් වන උර්මියා හි දී මරණ දඬුවම ක්‍රියාත්මක් වූ බව අධිකරණය පැවසුවේ බන්ධනාගාර ඇඳුම් ඇඳගත් පුද්ගලයන් තිදෙනාගේ ඡායාරූප ද බෙදා ගනිමිනි.
තම පරම සතුරා වන ඊශ්‍රායලය ඇතුළු විදේශ බුද්ධි අංශ සඳහා සේවය කරන බවට සැක කෙරෙන නියෝජිතයන් අත්අඩංගුවට ගෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ටෙහ්රානය නිතිපතා නිවේදනය කරයි.
ජුනි 13 වැනි දින ඉරාන-ඊශ්‍රායල් යුද්ධය පුපුරා ගිය පසු, තම පරම සතුරා සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් සඳහා කඩිනම් නඩු විභාග කිරීමට ටෙහ්රානය පොරොන්දු විය.
ඉරිදා සහ සඳුදා යන දෙදිනම මොසාඩ් නියෝජිතයන් ලෙස චෝදනා ලැබූ පුද්ගලයන් වෙනුවෙන් ඉරානය මරණ දඬුවම ක්‍රියාත්මක කළේය.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු මානව හිමිකම් කණ්ඩායම්වලට අනුව, චීනයට පසු ලොව දෙවනුවට වැඩියෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන රට ඉරානයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart