
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාර්ගගත බදු වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළුව බදුකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ.
පාර්ලිමේන්තු ප්‍රකාශයකට අනුව, පසුගිය සතියේ එම දැනුවත් කිරීමේ වැඩසටහන පාර්ලිමේන්තුවේදී පවත්වා ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් බී. කේ. එස්. ශාන්ත සහ නිලධාරීන් පිරිසක් මෙම වැඩසටහනට සම්පත්දායකයන් ලෙස සහභාගීවී තිබේ.
අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ / වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart