
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැයි මාසයේදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය සම්බන්ධ අනතුර පිළිබඳව වෙනම පරීක්ෂණ පවත්වන ලෙස අධිකරණය විසින් ශ්රී ලංකා පොලිසියට සහ ශ්රී ලංකා ගුවන් හමුදාවට නියෝග කර තිබේ.
අනතුරට හේතුව පිළිබඳව අධිකරණයට වාර්තා කරන ලෙසත්, විමර්ශනවල ප්රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් දෙහිඅත්තකණ්ඩිය වැඩබලන මහේස්ත්රාත් වයි. රාජපක්ෂ නියෝග කර ඇත.
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරය පසුගිය මැයි 9 වැනිදා මාදුරුඔය ජලාශයට කඩාවැටිණි.
මෙම අනතුර මාදුරුඔයේ ශ්රී ලංකා හමුදා විශේෂ බලකා කඳවුරේ පැවැති විසිරයෑමේ උත්සවයට සමගාමීව සිදුකරන ලද ප්රදර්ශනමය ගුවන් ගමනේදී සිදුවිය.
අනතුර හේතුවෙන් හමුදා සාමාජිකයන් හයදෙනෙකු මියගිය අතර තවත් හයදෙනෙකු තුවාල ලැබීය.
දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කළ කරුණු දැක්වීම සැළකිල්ලට ගනිමින්, වැඩබලන මහේස්ත්රාත්වරයා විසින් මාදුරුඔය ජලාශය අසල අනතුර සිදු වූ ස්ථානයට ගොස් පරීක්ෂා කළේය.
ගුවන් හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදාව විසින්ද, පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිසිය විසින්ද වෙන වෙනම පරීක්ෂණ පවත්වන බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම ප්රකාශ සැළකිල්ලට ගනිමින්, පොලිසියට සහ ගුවන් හමුදාවට අනතුර සම්බන්ධයෙන් වෙනවෙනම පරීක්ෂණ පවත්වා අධිකරණයට හේතු වාර්තා කරන ලෙස වැඩබලන මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ප්රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද ඔහු පොලිසියට තවදුරටත් උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart