
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලැබ්‍රඩෝ සුනඛයකු ප්‍රමාණයේ නව ඩයිනෝසෝර විශේෂයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.
එම විශේෂය නම්කර ඇත්තේ එනිග්මාකර්සර් ලෙසයි.
මෙම ඩයිනෝසෝර විශේෂය වසර මිලියන 150කට පමණ පෙර ජීවත් වූ බවට සැළකේ.
සොයාගනු ලැබූ මෙම ඩයිනෝසෝර විශේෂය මුලින් නැනෝසෝරස් ලෙස වර්ගීකරණය කරන ලද නමුත් විද්‍යාඥයන් දැන් එය නව විශේෂයක් බව නිගමනය කරයි.
අද සිට ප්‍රදර්ශනය ඇරඹෙන එය 2014 සිට ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබන පළමු නව ඩයිනෝසෝරයා බවට පත්වනු ඇත.
කෞතුකාගාරයේ පාෂාණ විද්‍යාඥ මහාචාර්ය පෝල් බැරට් පවසන පරිදි, මුල් කුඩා ඩයිනෝසෝරයන් ඉතා විශාල හා අරුම පුදුම සතුන් බවට පත් වූ පරිණාමීය ඉතිහාසය පිළිබඳ කරුණු හෙළිකරන බවට මෙම සොයාගැනීම මගින් පෙනීයයි.
මෙම ඩයිනෝසෝරයාගේ නව නිවහන කෞතුකාගාරයේ ආකර්ෂණීය පෘථිවි ශාලාවේ බැල්කනියක් වන අතර ඊට පහළින් බටහිර එක්සත් ජනපදයේ මොරිසන් සැකැස්මේ ජීවත් වූ ස්ටෙගෝසෝරස් ද ස්ටෙෆ් දැකිය හැකිය.
සංසන්දනය කිරීමේදී එනිග්මකර්සර් කුඩා ය.
සෙන්ටිමීටර 64ක් උස සහ සෙන්ටිමීටර 180ක් දිග එනිග්මකර්සර් ලැබ්‍රඩෝරෙකු පමණ උස වේ.
එහෙත් එනිග්මකර්සර්ට බොහෝ විශාල පාද සහ වලිගයක් ඇති අතර එය ඇතැම් විට අනෙක් ඩයිනෝසෝරයන්ට වඩා දිගු විය හැකි බව මහාචාර්ය සුසානා මේඩ්මන්ට් පවසයි.
හමු වී ඇති සත්වයා මිය යන විට බොහෝ විට යෞවනයකුව සිටියා විය හැකි බව ඇය තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart