June 25, 2025

බැංකොක්හි පැවති තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි මීටර් 5,000 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට දිගු දුර ධාවන ශූර වික්නරාජ් වක්ෂන් සමත් වී තිබේ.

ඔහු මිනිත්තු 15 තත්පර 56කින් තරගය අවසන් කළේය.

ශ්‍රී ලංකාව තරඟයේ තුන්වැනි දිනය අවසන් කළේ රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කමක් සමඟිනි.

ශූරතාවලියේ ආරම්භක දිනයේ පිරිමි මීටර් 1,500 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමෙන් පසු මෙම තරඟයේදී වක්ෂන් දිනාගත් දෙවැනි පදක්කම මෙයයි.

ආසියානු කලාපයේ රටවල් කිහිපයක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ශූරතාවලිය අද අවසන් වීමට නියමිතය.

මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු සහභාගී වී තිබිණි.

මේ අතර, රුසිරු චතුරංග පිරිමි මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් අතර, පිරිමි මීටර් 1,500 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේය.

ඊට අමතරව, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා නිමාලි ලියනාරච්චි කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තාය.

ඇය කාන්තා මීටර් 1,500 ඉසව්වේ රිදී පදක්කම්ලාභිනිය ද වේ.

කෙටි දුර ධාවකයකු වන අයෝමාල් අකලංක පිරිමි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත්තේය.